විජයකලාව පක්ෂයෙන් ඉවත් කළ යුතුයි - මරික්කාර්
හිටපු අමාත්‍ය විජයකලා මහේෂ්වරන් මහත්මියගේ නායකයා වන්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්රමසිංහද එසේත් නොමැතිනම් ඝාතනය කරන ලද ත්‍රස්තවාදී නායක වේලුපිල්ලේ ප්රභාකරන් ද යන තීරණයට ඇයට ළඟදීම ගැනීමට සිදුවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා පවසයි.එසේම ඇයට එරෙහිව ගන්නා විනය ක්‍රියාමාර්ගයක් ලෙස ඇය පක්ෂයෙන් පවා ඉවත් කළ යුතු යැයිද ඔහු සඳහන් කළේය.
මන්ත්‍රීවරයා මේ අදහස් පළ කරන ලද්දේ,මුල්ලේරියාව ටී.බී.ඉලංගරත්න ක්‍රීඩාංගණයේ පැවැති කොළොන්නාව යෞවන සමාජය ක්‍රීඩා උළෙලේ සමාරම්භක උත්සවය අවසානයේ දී මාධ්‍ය වෙත අදහස් දැක්වීමට එක් වෙමින්ය.
“විජයකලා මහේෂ්වරන් හිටපු ඇමතිනිය අද වෙනකොට රට බෙදන, මිනීමරු, නීතිවිරෝධී කොටි සංවිධානය නැවත බල ගැන්වීමේ දැඩි උත්සහයක නිරත වෙනවා. මේ සම්බන්ධව පාර්ලිමේන්තුවේදී මුලින්ම හඩ නගලා මගේ මතය ප්‍රකාශ කළා. ඒ නිසා ඇමතිකමෙන් පවා අද වෙනකොට අයින් වෙන්න සිදුවෙලා තියෙනවා.
දැන් නැවත වරක් එතුමිය පසුගිය සෙනසුරාදා ප්‍රකාශ කරලා තියෙනවා එයාගේ නායකයා ප්රභාකරන් කියලා. අපි කියන්නේ එයා එක්සත් ජාතික පක්ෂයේ නම් නායකයා වෙන්නේ රනිල් ද ප්රභාකරන් ද කියලා තීරණයක් ගන්න වෙනවා. එතුමියට අපේ සාමාජිකයෙක් වෙන්න වටින්නේ නෑ.
ඒ නිසා වහාම පක්ෂයේ විනය ක්‍රියාමාර්ගයක් ලෙස සමාජිකත්වයෙනුත් අයින් කරන්න ඕනේ. එතුමිය කියනවානම් ඡන්දය දුන්නේ උතුරේ ජනතාව, ඒ නිසා මන්ත්‍රීධූරය ගලවන්න බෑ කියලා . නමුත් ව්‍යවස්ථා විරෝධි ප්‍රකාශ කරලා තියෙනවානම් , අනිත් දේශපාලනඥයින්ගේ ප්‍රකාශ වලට වගේ දුර්වල තීරණ ගන්නේ නැතිව මේක රට බෙදන ප්‍රකාශයක් නිසා . සාමාන්‍ය සමාජයේ පොල් ගොඩියක් හොරකම් කරන මනුස්සයෙක් හිරේ දානවා වගේ සලකලා නෙමෙයි. ඊට වඩා බරපතල දෙයක්.ඒ නිසා අධිකරණයට කරුණු වාර්තා කරලා සිර දඩුවම් ලබා දිය යුතුයි. එතකොට මාස 06 කට වඩා සිරගත වුනොත් මන්ත්‍රීධූරය අහෝසි වෙනවා.”

popular news
-
Champa Monday, 09 July 2018 08:53 AM
විජයකලාට විතරක් වෙනස් නීතියක් මොකොද? අනිවාර්යයෙන්ම පක්ෂයෙන් නෙරපන්න ඕනේ කොන්දක් තියෙනවා නම්. කොළොඹ ඇවිත් රනිල් හම්බ වෙලා ගිහින් ආපහු ප්‍රභාකරන්ව ඕනේ කිව්වටත් පස්සේ තවත් මොනවාද? ලන්ඩන් එන්න කිව්වේ කොටි diaspora එක වෙන්නැති. ආවට පස්සේ බලන්න පුළුවන් වෙයි උතරේ වැඩ. ඒ හින්ද ඊට කලින් විජයකලාට නඩුවක් දාන්න ඕනේ. පාර්ලිමේන්තුව තහනම් කරන්න ඕනේ. ආණ්ඩුවම කිව්වා 40,107ක් රණවිරුවෝ අබාධිත වෙලා ඉන්නව කියල යුද්ධය වෙනුවෙන්. රට වෙනුවෙන්ඒ ජීවිත පූජා කල 29,708ක් රණවිරුවෝ විතරක් නෙමෙයි ජීවත් වෙලා ඉන්න රණවිරුවන්ටත් කරන අපහාසයක් මේ කතාව. ඒ මිනිස්සුන්ට කොච්චර හිත් වේදනාවක් එනවා ඇත්ද මේවා අහන කොට. පලවෙනි පාර කිව්වා කිව්වේ ආතතියක් හින්ද කියලා. සමහර අය ඒක අහල විජයකලා කියපු එක සාධාරණීය කරන්නත් හැදුව. දැන් දෙවෙනි පාරත් ප්රභාකරන් ඕනේ කිව්වෙත් ආතතිය හින්දද?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

